Alibaba

අන්තර්ජාලය මගින් භාණ්ඩ  ලබාගැනීම සඳහා සහාය දක්වන ලෝ ප්‍රකට චීනයේ අලිබබා සමාගම (www.alibaba.com ) වෙත ශ්‍රී ලංකික සුළුපරිමාණ ව්‍යාපාරික හා ශ්‍රී ලංකාවේ ඔන්ලයින් වෙබ් අලවි ( Online web site ) කටයුතු හි නියතු ව්‍යාපාරිකන්ගේ දැඩි අවදානය යොමුවී ඇත .මෙලෙස ඔබ විසින් තෝරාගත් සැපයුම්කරුගෙන් භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කර ඔබ අතටම පත්කිරීමේ පහසුකම අප සතුව ඇත.හදිසි හා සුළු පරිමාණ භාණ්ඩ Air Cargo වෙතින්ද බර හා ප්‍රමාණයෙන් වැඩි භාණ්ඩ Sea Cargo මගින්ද ගෙන්වා දිය හැක .

How to import from alibaba ( සිංහල Video )

HOW TO DO

ඔබ විසින් alibaba.com මගින් තෝරාගත් වඩාත් සුදුසු supplier වෙත ඔබට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය පිළිබද දන්වා supplier වෙතින් ඔබට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය ඇතුලත් invoice ලබාගන්න . එය අප වෙත ලබා දීමෙන් අපගේ Air Cargo / Sea Cargo all in one ගාස්තුව දැනගත හැක . මේ සදහා පහත පියවර අනුගමනය කරන්න .

01 ඔබට ගැලපෙන මිල ගණන් සහිත සැපයුම්කරුවෙකු ( supplier) alibaba.com මගින් තෝරා ගන්න .              (නිවැරදිව සැපයුම්කරුවකු සොයාගන්න ආකාරය පහත දක්වා ඇත )  
02 ඔබට Guangzhou හි shipping agent වරයකු සිටින බව හා එම warehouse වෙත භාණ්ඩ ලබා දිය යුතු බව supplier වෙත දන්වන්න .
03 ඔබ මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය, එහි වටිනාකම හා අනෙකුත් තොරතුරු ඇතුලත් invoice ලබාගන්න .
04 එම invoice අපගේ ආයතනයේ 0768833348 වෙත whatsapp කරන්න .
05 අප ආයතනය මගින් ඔබ වෙත සියලු shipping cost + Clearing Fee + all Tax + Handover fee ( all in one Rate ) එනම් චීනයේදී ඔබගේ භාණ්ඩ අප විසින් භාරගත් පසු ශ්‍රී ලංකාවේදී ඔබගේ අතට භාර දෙනතෙක් සියලු වියදම් වල එකතුව තනි අගයක් ලෙස දන්වනු ලැබේ .( එම සියලු වියදම් ඔබගේ භාණ්ඩ ශ්‍රී ලංකාවේ අපගේ warehouse වෙත ලැබුණු පසු ගෙවිය හැක )
06 ඔබ අපගේ අයකිරීම් පිළිබද සැහීමකට පත් වෙන්නේනම් එම භාණ්ඩය ගෙන්වීමේ වගකීම අපවෙත භාර දෙන්න .
07 අප විසින් ඔබගේ ඇනවුම සදහා Booking ආරම්භ කර එම විස්තර ඔබ වෙත ලබාදෙනු ලැබේ .
08 එම Booking විස්තර ඔබගේ supplier වෙත ලබා දෙන්න .
09 ඔබ විසින් ලබා ගන්නා භාණ්ඩ සදහා supplier වෙත මුදල් ගෙවන්න ( අවශ්‍යනම් පමණක් මුදල් ගෙවීමට සහය විය හැක )
10 මුදල් ගෙවීමෙන් පසු ඔබගේ supplier අපගේ warehouse වෙත භාණ්ඩ එවීම සිදුකරනු ඇත .
11 භාණ්ඩ ලැබුණු බවට අපගේ warehouse කාර්යමණ්ඩලය මගින් goods received note ඔබගේ supplier වෙත ලබා දෙනු ඇත .
12 අවශ්‍ය සියලු ලේඛන සම්පුර්ණ කර චීන රේගුවට ඉදිරිපත් කර භාණ්ඩ ශ්‍රී ලංකාවට යවනු ලැබේ .
13 එම භාණ්ඩ ශ්‍රී ලංකා රේගු නීතිරීති වලට අනුකුලව සියලු බදු මුදල් ගෙවා අවසන්කර අපගේ පැලියගොඩ ගබඩාව වෙත ගෙනයනු ලැබේ .
14 භාණ්ඩ ගබඩාවට ලැබුණු පසු ඔබවෙත දැනුම් දෙනු ලබේ .
15 අප පෙර ඔබ වෙත ලබාදුන් ගාස්තුව ගෙවා භාණ්ඩ ලබාගැනීම හෝ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීම සිදුකල හැක .

alibaba.com  වෙතින් භාණ්ඩ තෝරා ගැනීමේදී පහත කරුණු වෙත ඔබගේ විශේෂ අවදානය යොමු කරනමෙන් දැන්ව සිටිමු .


01 මිල අඩු වීම මිලදී ගැනීමට ප්‍රධාන සාදකය නොවේ .

02 ලෝ පතල Branded Product මිලදී ගැනීමට උත්සහ නොකරන්න .

03 Alibaba Trade Assurance logo හා Onsite Check  Logo සහිත සැපයුමකරුවන් පමණක් තෝරා ගන්න .

04 Alibaba වසර 5 ට වැඩි  Gold supplier  logo සහිත සැපයුමකරුවන් පමණක් තෝරා ගන්න .

05 ඔබගේ නියෝජිතයකු ( Agent ) චීනයේ සිටින බව සැමවිටම Supplier වෙත පවසන්න .

06 Guangzhou හෝ  Yiwu සිටින Agent ගේ  Warehouse වෙත භාණ්ඩ Delivery කල යුතු බව දන්වන්න .

07 මිල විමසීමේදී RMB ( චීන මුදලින් ) ලබාදෙන ලෙස දන්වන්න .

08 මිලදී ගැනීමට බලාපොරොත්තු භාණ්ඩ හි අමතර Photo's ගෙන්වා ගන්න .

09 ආයතනයේ හා පුද්ගලික දුරකථන අංක / ලිපිනය / Wechat Name ගෙන්වා ගන්න .

 ඔබ මිලදීගැනීමට බලාපොරොත්තු වන භාණ්ඩ සදහා පහත තොරතුරු අනිවාර්යෙන් ඇතුලත් invoice ගෙන්වා ගන්න .

    Product Name ( භාණ්ඩයේ සම්මත නම )

    HS Code          ( මෙය ලබාගත හැකිනම් ඉතා හොදයි )

    Quantity           ( භාණ්ඩ ප්‍රමාණනය )

    Value               ( සියලු භාණ්ඩ සදහා වෙන වෙනම RMB මිල හා  සම්පුර්ණ වටිනාකම RMB මගින් )

    CBM                ( භාණ්ඩ සදහා කොපමණ ඉඩ ප්‍රමාණයක් අවශ්‍යද බව )

     Kg                     ( බර කිලෝ වශයෙන් )

 

ඔබ විසින් ලබාගත් invoice අප වෙත ලබා දීමෙන් අපගේ Air Cargo / Sea Cargo all in one ගාස්තුව දැනගත හැක .

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

 Alibaba තුලින් 100% නිවැරදි විශ්වාසවන්ත සැපයුම්කරුවකු සොයා ගමු .

 Alibaba හි Buyer කෙනෙකු වශයෙන් ලියාපදිංචිමෙන් පසු www.alibaba.com වෙත නැවත පිවිසෙන්න . එහි Search කිරීමට පෙර Products යන්න Suppliers ලෙස වෙනස් කර ඔබට අවශ්‍ය කරනු ලබන භාණ්ඩය ඇතුලත් කර Search කරන්න .

උදාහරණ : ඔබ Rice cooker යන Search කරන්න , එවිට ඔබට සැපයුම්කරුවන් 2,305 Supplier(s) ක පමණ තොරතුරු ලැබේවි .

 

එය තවදුරටත් නිවැරදි ආරක්‍ෂිත සැපයුම්කරුවන් සොයාගැනීම සදහා filter කලයුතුය . ඒ සදහා Search කොටසට පහලින් ඇති verified ( නිල් පැහැයෙන් ) box එක ට  දමන්න . එවිට සැපයුම්කරුවන්272 Supplier(s) ක් දක්වා අඩුවනු ඇත.

( Alibaba මගින් එම සැපයුම්කරුගේ ආයතනය පිළිබද පුද්ගලිකවම විශේෂ පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසු මෙම Verified සහතිකය නිකුත් කරනු ලැබේ. Alibaba මගින් Verified සහතිකය ලබාගැනීම සදහා Supplier ( factory / wholesale සැපයුම්කරුවන් ) ISO සහතික / Bank Guarantee / මනවසම්පත් සහතික / Business licenses / විවිධ සහතික / විවිධ වාර්තා / විවිධ ලියාපදිංචිවීම් ඉදිරිපත් කිරීම මෙන්ම විශාල මුදලක් Alibaba ආයතනය වෙත ගෙවිය යුතුය .එබැවින් මෙම Verified සහතිකය ලබගත හැක්කේ Genuine Company’s වෙත පමණි . )

 

Trade Assurance මගින් ගෙවන මුදලට භාණ්ඩ සපයන බවට රක්ෂණයක් ලබාදීමට alibaba වෙත එකග වන Supplier ලා සහතික කෙරේ .දැන් ඔබට ලැබී ඇත්තේ විශ්වසනීය හොදම සැපයුම්කරුවන් කොටසය . මෙම කොටසින්ද වසර ගණන වැඩි Gold supplier ( 5 Year or more ) තෝරාගැනීම වඩාම සුදුසුය .

මෙලෙස ඔබ තෝරාගත් හොදම සැපයුම්කරුවන් කිහිපදෙනා සමග Chat /Email/call/whatsapp/wechat/QQ මගින් සන්නිවේදනය කර වඩාම ගැලපෙන සැපයුම්කරු /භාණ්ඩය සොයාගන්න .පසුව ඔබ තෝරාගත් සැපයුම්කරු වෙත ඔබගේ භාණ්ඩ Guangzhou / Yiwu යන නගරයන්හි ඔබගේ Cargo Agent ලබාදියයුතු බව දන්වන්න . බොහෝ  සැපයුම්කරුවන් ඉහත නගර වෙත ප්‍රවාහනය නොමිලේ වන අතර ඇතැම් සැපයුම්කරුවන් අමතර සුළු මුදලක් ප්‍රවාහනයට අය කරනු ඇත .


මුදල් ගෙවීමෙන් තොරව සැපයුම්කරු වෙතින්  Name / Photo /Quantity /Unit Price / Total Amount / Total Kilogram (kg) / Total CBM ඇතුලත් " Proforma invoice" ලබාගෙන එය අපගේ ආයතනය වෙත Whatsapp / Email කිරීම මගින් එම භාණ්ඩය ශ්‍රී ලංකාවට ගෙන්වා ඔබගේ අතටම ලබාදීමට අපගේ ගාස්තුව දැනගත හැක . 

 

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

එම ගාස්තුව ඔබගේ භාණ්ඩ වටිනාකමට එකතු කිරීමෙන් පහසුවෙන් එක් භාණ්ඩයක් සදහා Cost එක සාදාගත හැක.

we give you advice & support to buy alibaba product in safe way from china .
Our  chinese sourcing agent handling everything for you . Be comfortable & join with us .we have two alibaba supporting Agent office in china .

View & Read it before buy on Alibaba

www.youtube.com/watch?v=sS2scWWkWvo

www.andrewminalto.com/top-10-alibaba-scams

 

********How to import from alibaba ( සිංහල Video ) Copy From educational youtube channel Spark Academy 

www.youtube.com/@sparkacademy2489

www.youtube.com/watch?v=QZ35NCuCNZg