News

භාණ්ඩ රැසකට අදාළව පනවා තිබූ ආනයන සීමා යම් කොන්දේසි යටතේ ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ට‍්‍රන්ක පෙට්ටි, සූට් කේස්, බ්‍රීෆ් කේස්, ඇස් කණ්නාඩි කවර, හෑන්ඩ් බෑග් වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් නැවතත් ආනයනය කිරීමේ නිදහස හිමිවනු ඇති.
මේ අතර අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් භාණ්ඩ 78ක ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව දන්වා ඇත .
මෙම භාණ්ඩ අතර සංචාරක සහ කර්මාන්ත යන ක්ෂේත්‍රයන් හි ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය වන භාණ්ඩ රැසක් පවතින බව රජය පවසයි.
ශීතකරණ, අධි ශීතකරණ, ඇඟලුම්, සෙරමික් භාණ්ඩ, ටයිල්, රෙදි සෝදන යන්ත්‍ර, ගුවන්විදුලි යන්ත්‍ර, වොටර් හීටර්, බ්‍රේක් ලයිනර් සහ බ්‍රේක් පෑඩ්ස් ඒ අතර වනවා.
මෙලෙස ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ අතුරින් 15 ක් සඳහා ඒ ක්ෂේත්‍රවල බලධාරීන්ගේ නිර්දේශ මත ආනයන අපනයන පාලකගේ අනුමැතියෙන් ආනයනය කිරීමට අවසර හිමිව තිබෙනවා.
ඒ අතරට රූපලාවාන්‍ය උපකරණ, සුවඳ විලවුන්, දන්ත සෞඛ්‍ය උපකරණ ඇතුළත්.
මේවා ආනයනය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීයාගේ හෝ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ නිර්දේශය අවශ්‍ය වනවා.
මෙම ගැසට් නිවේදනය පිළිබඳ තොරතුරු ඉදිරි දින කිහිපය තුළ අධ්‍යයනය කර පෙර මෙන් ඉහත සඳහන් භාණ්ඩ ආනයන කටයුතු සිදු කිරීම සඳහා පහසුකම් සැලසීමට අප ආයතනය කටයුතු කරන බව දන්වා සිටිමු.

2022.11.15 දින සිට නව සෙස් බද්දක්

සංශෝධනය කරනු ලැබූ නව CESS බද්ද ක්‍රියාත්මක කෙරෙන බව රජය නිවේදනය කර තිබේ.
ඒ අනුව HS කේත 187ක් යටතේ ඇති භාණ්ඩ කාණ්ඩ 637ක මිල ඉහළ යන බවය ( දළ වශයෙන් භාණ්ඩ වර්ග 15000ක් පමන )

එහිදී ආනයනික සහල්, පැන් , පැන්සල් , අර්තාපල්, පරිප්පු, ලූනු, ෆාම් තෙල්, බටර්, චීස්, කිරි, පාවහන්, ටයර් ආදී භාණ්ඩවල මිල එසේ ඉහළ යනු ඇත.

ආනයනික භාණ්ඩ එකසිය අසූ හතක් (187) යටතේ ඇති භාණ්ඩ හයසිය තිස් හතක (637) මිල ඉහළ යන බව ආනයනකරුවන් පවසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පෙරේදා (14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 අයවැය ලේඛනය අනුව එකතු කළ අගය මත පනවන ලද බද්ද සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස රේගුව වෙත දන්වා තිබේ.

ඒ අනුව සහල්, අර්තාපල්, පරිප්පු, ලූනු, ෆාම් තෙල්, බටර්, චීස්, කිරි ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යද, පොත්, පෑන්, පාවහන්, දවටන, ටයර් ආදී භාණ්ඩවල මිල එසේ ඉහළ යනු ඇත.

මෙහිදී ආනයනික සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 60ක්, ලූනු කිලෝග්‍රෑමයකට රුපියල් 30ක්, අර්තාපල් කිලෝවක් රුපියල් 220ක්, කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 300ක්, බටර් කිලෝග්‍රෑමයක් රුපියල් 550ක් සහ චීස් කිලෝග්‍රෑමයක් රුපියල් 600කින්ද සෙස් බදු ඉහළ යනු ඇති.

මීට අමතරව ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සීයකින්ද, ඇපල් කිලෝග්‍රෑමයක් රුපියල් 380කින්ද, ෆාම් තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් 60කින්ද, කොප්පරා කිලෝග්‍රෑමයක් රුපියල් 370කින්ද ඉහළ දමා ඇත.

මීට අමතරව ආනයනික රබර් හා ටයර් රුපියල් සීයේ සිට හාරසීය (100-400) දක්වාත්, පාවහන් වර්ග අනුව රුපියල් 90-1840 දක්වාත්, බෝල්පොයින්ට් පෑන්වල මිල සීයට 25%ක් දක්වාත් ඉහළ යනු ඇති.

මෙහිදී අභ්‍යාස පොත් කිලෝග්‍රෑමයක් රුපියල් 250කින්ද, දවටන කිලෝග්‍රෑමයක් රුපියල් දෙසීයකින්ද ලිහිසි තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සීයකින්ද වශයෙන් බදු අය ගකරන ලෙස රේගුවට දන්වා ඇත.


ඒ අනුව ඊට අදාළ භාණ්ඩ හා නව බදු ගාස්තු ඇතුලත් ගැසට් නිවේදනය පහතින්.

https://drive.google.com/file/d/15pRdm_SPpR3ULPR2UxcNnVFKE_tgGxNK/view?usp=drivesdk

Temporary import restrictions
තාවකාලිකව ආනයනය සිමා කළ භාණ්ඩ ( 2022.08.23 )

Sri Lanka’s finance ministry has imposed import Temporary restrictions on items such as rice, flour, sugar, liquor,apparel products, ceramics, furniture and many more as the country faces a foreign exchange crisis.

විනිමය අනුපාතිකයට හා මූල්‍ය වෙළෙඳපොලට එල්ල වී ඇති පීඩනය අවම කිරීම සඳහා ඇතැම් භාණ්ඩ ආනයනය සීමා කිරීමට රජය තීරණය කර තිබේ. මේ අතර තෝරාගත් ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය,ගෘහ භාණ්ඩ ,සෙරමික් ,ඇදුම් ,සපත්තු ,ඇතැම් ආහාර ,සුවද විලවුන් ,පල්ස්ටික් භාණ්ඩ ,කුඩ ,හිස්වැසුම් ,කෘතීම මල් , තෝරාගත් සෙරමික් , CCTV විදුරු ,AC , ශිතකරණ ,රෙදි සෝදන යන්ත්‍ර ,ප්‍රොජෙක්ටර් ,සෙල්ලම් බඩු ,බිම වර්ග , ඇතුළු භාණ්ඩ රාශියක් ඇත . පුර්ණ තාවකාලිකව ආනයනය සිමා කළ භාණ්ඩ නාම ලේකනය සදහා පිවිසෙන්න https://drive.google.com/file/d/1ev3NQEb9kQXFY5XgxGntuu8PXAG338Pk/view

Lost or damage policy effect from 2022

Lost package policy effect for Up to 100USD value package only ( for your first package delivery Only )

01 We will Pay lost Package value or damage
Package cost ( Damage package need to refund us )

02 We will refund 100% of delivery fees of Lost or Damage package

03 You are liable to get 10% from lost or damage package value extra for your financial profit lost

04 We will give you extra free delivery for your next shipment
( Less than delivery value Rs40000/- & within 45 days delivery only )

*** This is only for our valuable customers first delivery package only . From second delivery customer responsible for getting extra insurance cover for there every package.

**** Themes and condition applied .

**** This refund privilege Subject to change without notice

Contact us

WhatsApp ( Sea ) +94 76 883 3348
WhatsApp ( Air ) +94 76 802 3348
WhatsApp ( Export ) +94 76 539 4407
Wechat AsianCargo2001
Office (full container ) +94 11 368 2620
Email asiantradings@asia.com