Rates

අපගේ ගාස්තු ( all in one ) 

සමාවන්න පවතින ආනයන සිමාවන් හේතුවෙන් පහත ගෙවීම් ක්‍රම සංශෝදනය කර ඇත .

AIR CARGO - SEA CARGO
ඔබ ආනයන කිරීමට සුදානම් වන භාණ්ඩ සදහා අප ඔබ වෙත වෙළදපොළේ ලාභ  සහිතව හා තරගකාරිත්වයෙන් යුතුව අලවි කිරීමට හැකිවෙන අයුරින් අවම ගාස්තුවක් පමණක් අයකරනු ලබයි .

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න .

අප ලබාදෙන ගාස්තුව හැර වෙන කිසිදු අයකිරීමක් නැත . ඔබට ඇත්තේඇනවුම් කිරීම හා පැමිණ රැගෙන යාම පමණි . අවශ්‍යනම් සියලු භාණ්ඩ ඔබ නිවසට හෝ ආයතනයටම එවිය හැක .ඔබගේ Invoice අප වෙත ඉදිරිපත් කර CBM rate / RMB rate / PIECE rate / Kg rate ලබාගත හැක .
( China Handling + Transport + Shipping + All tax + Sri Lanka Handling + ඔබේ අතට  ) 

HOW TO DO

ඔබ විසින් තෝරාගත් වඩාත් සුදුසු supplier වෙත ඔබට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය පිළිබද දන්වා supplier වෙතින් ඔබට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය ඇතුලත් invoice ලබාගන්න . එය අප වෙත ලබා දීමෙන් අපගේ Air Cargo / Sea Cargo all in one ගාස්තුව දැනගත හැක . මේ සදහා පහත පියවර අනුගමනය කරන්න .

01 ඔබට ගැලපෙන මිල ගණන් සහිත සැපයුම්කරුවෙකු ( supplier) තෝරා ගන්න .
02 ඔබට Guangzhou හා Yiwu හි shipping agent වරයකු සිටින බව හා එම warehouse වෙත භාණ්ඩ ලබා දිය යුතු බව supplier වෙත දන්වන්න .
03 supplier මගින් මුදල් ගෙවීමෙන් තොරව ඔබ මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය, එහි වටිනාකම හා අනෙකුත් තොරතුරු ඇතුලත් invoice ලබාගන්න .
04 එම invoice අපගේ ආයතනයේ 0768833348 වෙත whatsapp කරන්න .
05 අප ආයතනය මගින් ඔබ වෙත සියලු shipping cost + Clearing Fee + all Tax + Handover fee ( all in one Rate ) එනම් චීනයේදී ඔබගේ භාණ්ඩ අප විසින් භාරගත් පසු ශ්‍රී ලංකාවේදී ඔබගේ අතට භාර දෙනතෙක් සියලු වියදම් වල එකතුව තනි අගයක් ලෙස දන්වනු ලැබේ .( එම සියලු වියදම් ඔබගේ භාණ්ඩ ශ්‍රී ලංකාවේ අපගේ warehouse වෙත ලැබුණු පසු ගෙවිය හැක )
06 ඔබ අපගේ අයකිරීම් පිළිබද සැහීමකට පත් වෙන්නේනම් එම භාණ්ඩය ගෙන්වීමේ වගකීම අපවෙත භාර දෙන්න .
07 අප විසින් ඔබගේ ඇනවුම සදහා Booking ආරම්භ කර එම විස්තර ඔබ වෙත ලබාදෙනු ලැබේ .
08 එම Booking විස්තර ඔබගේ supplier වෙත ලබා දෙන්න .
09 ඔබ විසින් ලබා ගන්නා භාණ්ඩ සදහා supplier වෙත මුදල් ගෙවන්න ( අවශ්‍යනම් පමණක් මුදල් ගෙවීමට සහය විය හැක )
10 මුදල් ගෙවීමෙන් පසු ඔබගේ supplier අපගේ warehouse වෙත භාණ්ඩ එවීම සිදුකරනු ඇත .
11 භාණ්ඩ ලැබුණු බවට අපගේ warehouse කාර්යමණ්ඩලය මගින් goods received note ඔබගේ supplier වෙත ලබා දෙනු ඇත .
12 අවශ්‍ය සියලු ලේඛන සම්පුර්ණ කර චීන රේගුවට ඉදිරිපත් කර භාණ්ඩ ශ්‍රී ලංකාවට යවනු ලැබේ .
13 එම භාණ්ඩ ශ්‍රී ලංකා රේගු නීතිරීති වලට අනුකුලව සියලු බදු මුදල් ගෙවා අවසන්කර අපගේ පැලියගොඩ ගබඩාව වෙත ගෙනයනු ලැබේ .
14 භාණ්ඩ ගබඩාවට ලැබුණු පසු ඔබවෙත දැනුම් දෙනු ලබේ .
15 අප පෙර ඔබ වෙත ලබාදුන් ගාස්තුව ගෙවා භාණ්ඩ ලබාගැනීම හෝ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීම සිදුකල හැක .

Our Best Rate ( වටිනාකම  හෝ ප්‍රමාණය වැඩි වීමේදී ඔබේ අයකිරීම අඩුවේ )


සියලු භාණ්ඩ ආනයනය කරනු ලබන්නේ නිත්‍යානුකුලව හා රජයේ ලියාපදිංචි සමාගක  නමට බැවින් ඔබට ආනයනකරුවෙකු වශයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමට හෝ රේගුවේ ලියාපදිංචි වීමට හෝ  LC  හෝ TT හෝ VAT  බදු  හෝ NBT බදු පිළිබද හෝ  වාරය කටයුතු කිසිදු ගැටළුවක් ඇතිවන්නේ නැත .(  මෙලෙස අවම ගාස්තුවක් ලබාදීමට  හැකිවනුයේ මසකට විශාල Container ප්‍රමාණයක මෙහෙයුම් කටයුතු සිදු කිරීම තුලිනි )

ඔබට සැපයුම් කරුවෙකු සිටිනම් හෝ මිලදී ගතයුතු තැන දන්නේනම්  ( if you have supplies)


ඔබගේ භාණ්ඩ අපහේ චීනයේ  Warehouse වෙත ලැබීමෙන් පසු   Sea Cargo / Air Cargo මගින්  ඔබේ අතටම ලබාදිය හැක.සියලු භාණ්ඩ ආනයනය කරනු ලබන්නේ රජයේ ලියාපදිංචි අප ආයතනයට සම්බන්ද  සමාගම යටතේය . ගෙන ඒමට පෙර ඔබට අපගේ අයකිරීම  දන්වනු  ලැබේ. ඔබ එකගනම් පමණක් ගෙන්වා දෙනු ලැබේ.

මුදල් ගෙවීම් 

චීන භාණ්ඩ සැපයුම්කරු වෙත ඔබ මිලදී ගන්න භාණ්ඩ ( invoice value ) සදහා  අත්තිකාරම් මුදල් ගෙවීම හා ඉතිරි මුදල් ගෙවීම ඔබටම සිදු කර ගත හැකි අතර අවශ්‍යනම් පමණක් අප ආයතනයට සැපයුම්කරු වෙත ගෙවීම්  කටයුතු සදහා අවශ්‍ය සහය දිය හැක . 

Our chinese agents contact your supplier and collect all products . After we import that product under our company name and handover to you .You have pay Our all fee after products come to sri lanka

ඔබට සැපයුම්කරුවෙකු නොමතිනම් එනම් මිලදි ගතයුතු ස්ථානය නොදන්නේනම් ( if you don't have supplies)


ඔබට අවශ්‍ය   භාණ්ඩය පිළිබද තොරතුරු සොයාගැනීමට (Product Searching )   චීන නියෝජිතයකුගේ සහය  ලබගතා හැක. ඒ සදහා රු 2000/ - රු 5000/- පමණ ගාස්තුවක් ගෙවිය යුතුය .එම මුදල අප හරහා භාණ්ඩ ගෙන්වාගැනිමේදී අඩුකරගත හැක.  

If you need to find anything ,our chinese agents can searching products and suppliers . Our agents visit to factories or wholesale market for Searching  your needs .After they send you product information / Price / Photos / Sample's .You have pay for that service Rs2000/-  - Rs5000/- . That will pay back after your shipment .